Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජූලි මස සිදු කරන ලද විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ මතුව ඇති ආදායම් ආශ්‍රිත තත්ත්වය සළකා බලමින් ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තා වේ.
එම අනුමැතිය ලැබුණු පසු විදුලි බිල සියයට 56කින් වැඩි කිරීමට ලංවිම සූදානම් වන බව විදුලි පාරිභෝගික සංගමය සඳහන් කරයි.
විදුලි පාරිභෝගික සංගමයේ සභාපති සංජීව ධම්මික පෙන්වාදෙන ආකාරයට, 2022 අගෝස්තු මාසයේ සිට මේ දක්වා ගාස්තු සංශෝධන තුනක් සිදු කර ඇති අතර, ඉදිරි මාසවලදී තවත් සංශෝධනයක් සිදු කළහොත් වසරක් ඇතුළත විදුලි ගාස්තු සියයට 200කින් ඉහළ දැමෙනු ඇතැයි ඔහු සඳහන් කරයි.
ලංවිමට සහ විදුලිබල ඇමැතිවරයාට අවශ්‍ය වේලාවට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නොහැකි බවත්, ඇමැති මණ්ඩලයේ අනුමැතිය සහිතව වසරකට ගාස්තු සංශෝධන දෙකක් පමණක් සිදු කළ හැකි බවත්, සභාපතිවරයා පවසයි.
එම නිසා විදුලිබල මණ්ඩලය මෙසේ ගාස්තු සංශෝධනයක් යෝජනා කිරීම වැරදියි බවත්, ජූලි 03 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සියයට14.2 සමස්ත විදුලි ගාස්තු අඩු කිරීමක් මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කර ඇති බවත්, හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart