January 1, 2025

දේශීය ටයර් කර්මාන්තය ශක්තිමත් කිරීමේ උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා දේශීය ටයර් නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශය රැස්වීමක් කැඳවා තිබිණි.

විදේශ විනිමය සංචිත ආරක්ෂා කරගැනීම සඳහා ආනයනික ටයර් මත යැපීම අවම කිරීම කෙරෙහි ඊට සහභාගිවූවන්ගේ අවධානය යොමුව ඇත.

දේශීයව නිෂ්පාදනය කරන ටයර් පැවැතියද මෙරටට ටයර් ආනයනය සඳහා සැළකිව යුතු විදේශ විනිමය ප්‍රමාණයක් වැයවන අතර එය වෙළෙඳපොළේ අධික සැපයුමකට දායක වන බවද දේශීය ටයර් නිෂ්පාදකයන්ගේ සංගමය පෙන්වාදී ඇත.

දේශීය නිෂ්පාදකයන්ට සහාය වීම සඳහා ටයර් ආනයනය සීමාකිරීම් ක්‍රියාත්මක කිරීමට සංගමය යෝජනා කර තිබේ.

ඊට ප්‍රතිචාර වශයෙන් අවශ්‍ය ප්‍රමිතීන් පවත්වා ගනිමින් දේශීයව නිෂ්පාදනය කරන ටයර්වල මිල අඩුකිරීමට තීරණය කර ඇත.

ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ රටේ ඩොලර් සංචිතයට අදාළ අභියෝගවලට මුහුණ දීම සඳහා දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.

කෙසේවෙතත් හදිසියේ ටයර් ආනයන සිමා පැනවුවහොත් ටයර් මිල සැලකිවයුතු ලෙස ඉහළ යනු ඇතැයි වෙළඳපොළ වාර්තා අනතුරු අඟවයි.

42.31%
17.27%
32.76%