December 31, 2023

ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් නොසැළකිලිමත් ලෙස ලබාදීමෙන් ජාතික රෝහලේදී රෝගියකු මියගිය බවට පසුගියදා සිදු වූ හෙළිදරව්වෙන් පසු, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල අතින් සිදු වන අතපසුවීම් සම්බන්ධ පැමිණිලි 600ක් පමණ වසරකට ලැබෙන බව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පවසා ඇත.

මේ වසරේදී මෙන්ම පසුගිය වසරේදීත් මේ ආකාර පැමිණිලි සංඛ්‍යාවක් වාර්ෂිකව ලැබී තිබෙන බවත් සෞඛ්‍ය අංශ තම උපරිමය රෝගීන් වෙනුවෙන් කරන්නේද යන ගැටලුව මෙමඟින් පැනනඟින බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%