
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා සිදුකළ සත්ව සංගණනයේ වාර්තාව හෙට (මාර්තු 28) තමන්ට ලැබෙනු ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
මහනුවරදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ලාල්කාන්ත කියාසිටියේ ශ්‍රී ලංකාව තුළ වන සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර හඳුන්වාදීමට එම වාර්තාව යොදාගන්නා බවයි.
මෙම වාර්තාව සම්පූර්ණ නිවැරදි වාර්තාවක් ලෙස සැළකිව නොහැකි බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඉදිරියේදී තවත් සංගණන පැවැත්විය යුතු බවද පැවැසීය.
“වනසතුන් කළමනාකරණයට වැඩපිළිවෙළක් නැහැ. වනජීවී දෙපාර්තමේන්තුවට පැවරී ඇත්තේ සතුන් ආරක්ෂා කිරීම මිස ඔවුන් කළමනාකරණය නෙවෙයි. වනසතුන් කළමනාකරණය කිරීම සඳහා සංගණනයක් පැවැත්විය යුතුයි. උදාහරණයක් වශයෙන්, ඕස්ට්‍රේලියාව එහි කැන්ගරු ගහණය ගැන දැනුවත්ව සිටින්නේ මේ සම්බන්ධයෙන් පවත්වන ලද සංගණනයක් නිසා. නමුත් ලංකාවේ අපේ වඳුරු ගහණය ගැන අපි දන්නේ නැහැ. ඒ නිසා දළ වශයෙන් ගණන් බැලීම හෝ අත්‍යවශ්‍යයි, ”ඔහු පැවසීය.
වන සත්ත්ව ගහණය කළමනාකරණය කරනවාද, එසේ නොමැති නම් විදේශ රටවලට ලබාදෙනවාද යන්න සත්ත්ව සංගණනයකින් අනතුරුව සොයාගැනීමට හැකිවනු ඇතැයිද අමාත්‍ය ලාල්කාන්ත වැඩිදුරටත් පැවැසීය.
“මේ හරහා අපට විද්‍යාත්මක විසඳුමක් ලබාගන්න පුළුවන්, මේ දක්වා එවැනි පියවරක් ගෙන තිබුණේ නැහැ. කෙසේවෙතත් අපි මේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. ආරම්භක පියවර මගින් සියලු අවශ්‍යතා සපුරාලිය නොහැකියි. නමුත් මේ මත පදනම්ව වන සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකියි,” ඔහු පෙන්වා දුන්නේය.
කෘෂිකාර්මික අංශයට බලපාන බෝග සඳහා හානි කරන සතුන් හඳුනාගැනීම සඳහා මාර්තු 15 වන දින දිවයින පුරා වන සත්ත්ව සංගණනයක් පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart