Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කලා වැවේ ප්‍රධාන බැම්ම අසල සිදුකර ඇති කැණීම්වලට අදාළ විමර්ශන වාර්තාව අද දිනයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීමට නියමිතව තිබේ.
අදාළ විමර්ශනය සිදුකර තිබුණේ අනුරාධපුර දිස්ත්‍රික් පුරාවිද්‍යා කාර්යාලය විසිනි.
එහි සහකාර අධ්‍යක්ෂ ආර්.ජී.ජයතිලක පවසන්නේ එම වාර්තාව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුෂිත මෙන්ඩිස් වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි.
ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ ධාතුසේන රජු විසින් ඉදිකරවන ලද කලා වැව මෙරට පුරාණ වාරි තාක්ෂණයේ සුවිශේෂී සංකේතයක් වේ.
ජලය ඝන මීටර් මිලියන 123ක ධාරිතාවකින් යුතුව අක්කර අඩි 100,000ක් පුරා විහිදෙන මෙම ජලාශය ගලින් නිමැවූ වාන් මාර්ගයකින් සහ ප්‍රධාන සොරොව් තුනකින් සමන්විත වේ.
මධ්‍යම සොරොව්වේ ජලය අඩි 40ක් පළල ඇළ මාර්ගයක් හරහා ගලා යන අතර එමගින් අනුරාධපුර නුවර වැවට ජලය සපයනු ලැබේ.
කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සපයනු ලබන්නේ එමගිනි.
ප්‍රධාන වේල්ලේ වාන් මාර්ගය ආසන්නයේ පසුගියදා සිදුකර ඇති අනවසර කැණීම හේතුවෙන් ජලාශයට දැඩි තර්ජනයක් එල්ල වී තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයට අනුයුක්ත පුරාවිද්‍යා නිලධාරියකු විමර්ශන සිදුකර තිබිණි.
අනුරාධපුර දිස්ත්‍රික් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජයතිලක පැවසුවේ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විමර්ශන වාර්තාව පොලිසියට ලබාදීමට නියමිත බවයි.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසියද විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කැකිරාව අධිකරණයට හෙට ඔවුන් කරුණු වාර්තා කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart