Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්වාසි අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධ අල්ලස් සිද්ධි දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වීමත් සමග එවැනි සිදුවීම් වාර්තා කරන ලෙස අධිකරණ අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අධිකරණයේ අවංකත්වය තහවුරු කිරීමේ අරමුණින් එවැනි ඕනෑම අධිකරණමය අපචාරයකට එරෙහිව ක්‍රියාකරන බවත් එවැනි සිද්ධි හඳුනාගෙන තීරණාත්මක පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සමීපව කටයුතු කරන බවත් අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ ප්‍රකාශ කර තිබේ.
ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මෙවැනි ක්‍රියා මගින් රටේ නීති පද්ධතියේ අඩිතාලම විනාශ වන අතර මහජන විශ්වාසයට අහිතකර ලෙස බලපාන බවයි.
නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සහ අධිකරණයේ සෑම තරාතිරමකම දූෂණයට එරෙහිව සටන් කිරීමට අමාත්‍යාංශය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අතර සහයෝගීතා ප්රයත්නයන් සහ රජය දක්වන නොසැලෙන කැපවීම ද ඔහු අවධාරණය කර තිබේ.
ක්වාසි අධිකරණ විනිසුරුවරුන් අල්ලස් ඉල්ලා සිටීම හෝ ලබා ගැනීම සම්බන්ධයෙන් ඇති ඕනෑම තොරතුරක් හෝ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
ඊට අදාළ තොරතුරු සෘජුවම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත හෝ අමාත්‍යාංශයට ඉදිරිපත් කළ හැකි බවත්, සියලුම පැමිණිලි හොඳින් විමර්ශනය කරන බවටත්, යම් විෂමාචාරයක් ඇත්නම් ඒවා විසඳීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවටත් මහජනතාවට සහතික වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අල්ලස් ලබා ගැනීම හෝ ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ක්වාසි අධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය දිනවල අත්අඩංගුවට ගෙන තිබිණි.
ආසන්තම සිදුවීම් පුත්තලම සහ උඩතලවින්න ප්‍රදේශවලින් පසුගියදා වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart