Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් අලුත්වැඩියා කිරීමට ලබාදීම සඳහා වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක හිමිකාරියකගෙන් රුපියල් 32,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට තැත්කළ බව කියන එම අමාත්‍යාංශයේ සහකාර කළමනාකාරවරයකු මෙම 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ
ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (9) නියෝග කර ඇත.
බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි රසිකා දේශානි නමැති වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක් පවත්වාගෙන යන කාන්තාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඉහත සඳහන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර කළමනාකාරවරයකු වන බුද්ධික නමැති සැකකරු එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම ආයතනය රජයේ හා පෞද්ගලික ආයතනවල වාහන අලුත්වැඩියා සිදු කරන බවත්, ඒ අනුව ඉහත සඳහන් අමාත්‍යාංශයේ කැබ් රථයක් රුපියල් 312750 කට අලුත්වැඩියා කිරීම සඳහා භාරදී ඇති බවත්, අධිකරණයේදී අනාවරණය වී තිබේ.
වාහනය අලුත්වැඩියා කිරීමට අදාළ වෙක්පත ලබාගැනීමෙන් අනතුරුව එම මුදලින් සියයට දහයක්, ආසන්න වශයෙන් රුපියල් 32000ක මුදලක් තමාට ලබාදෙන ලෙසට මෙම සැකකාර පුද්ගලයා ඉහත සඳහන් වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයට දැනුම් දී ඇති බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දන්වා ඇත.
සැකකාර පුද්ගලයාගේ ඉල්ලීමට එකඟව ඇති පැමිණිලිකාරිය එම මුදල් ලබාගැනීම සඳහා කිඹුලාවල ප්‍රදේශයේ පිහිටි තම ආයතනය වෙත පැමිණෙන ලෙස සැකකරුට දැන්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දී ඇති බවද හෙළිව තිබේ.
පැමිණිලිකාරියගේ දැනුම්දීමට අනුව සැකකාර පුද්ගලයා පෙරේදා (08) එම ස්ථානය වෙත ගොස් පැමිණිලිකාරියගෙන් අදාළ මුදල ලබාගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ද එම කොමිෂන් සභාව අධිකරණයට දන්වා ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart