November 3, 2024

රජයට අවශ්‍ය වූයේ වසර 34 කට පසු උතුරේ පලාලි ප්‍රවේශ මාර්ගයක් නැවත විවෘත කිරීම නිහඬ සිදුවීමක් ලෙස තබාගැනීමටය.

ඒ හේතු කිහිපයක් නිසා ය.

එකක් වන්නේ එම අවස්ථාව ඉදිරි දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීමට ඉඩ නොදීමයි.

මහමැතිවරණය, සහ අනෙක ‘ජාතික ආරක්ෂාව’ වැනි හේතූන් මත මතභේද ඇති කිරීමට දකුණේ කොටස්වලට ඉඩක් නොතැබීමයි.

එම නිසා සිකුරාදා පෙරවරු 6ට පමණ මෙම උත්සවය සැලසුම් කර තිබූ අතර පලාලි පාර – වයවිලාන් හන්දිය සහ තෝලකට්ටි හන්දිය යා කරන මාර්ගය යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.

කිලෝමීටර් 1.25 ක් දිග මෙම මාර්ගය 1990 දී යුද කාලීන තත්ත්වය හේතුවෙන් වසා දමන ලද අතර එතැන් සිට මුළු කලාපයම අධි ආරක්ෂිත කලාපයක් (HSZ) ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ආරක්ෂක අංශ භාරයේ පවතී.

කෙසේවෙතත්, ඉලංකෙයි තමිල් අරසු පක්ෂටේ හිටපු යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී M.A. සුමන්තිරන් මෙම අවස්ථාවට පැමිණ සිටියේය.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියේ හමුදාව විසින් අත්පත් කරගෙන ඇති ඉතිරිව ඇති නේවාසික සහ ගොවිජන ඉඩම් ප්‍රමාදයකින් තොරව නිදහස් කරන ලෙසයි.

යුද්ධය අවසන් වී වසර 15කට පසු තම පාරම්පරික ඉඩම්වලට ප්‍රවේශ වන ලෙස ඉල්ලමින් ඉඩම් හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙත්සම් කිහිපයක් සඳහාද නීතිඥයකු ලෙස සුමන්තිරන් පසුගිය කාලයේ පෙනීසිටියේය.

පැය කිහිපයකට පසු, ජනාධිපති අනුර දිසානායක සිය X ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් කියාසිටියේ උතුරු පළාත් වැසියන්ගේ ඉල්ලීම අනුව දශක තුනකට පසු පලාලි අච්චුවේලි මාර්ගය නැවත විවෘත කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

“ආරක්ෂක අමාත්‍යාංශයේ සහාය ඇතිව, අපගේ ජනතාවට සාමය සහ සංවර්ධනය සහතික කිරීමට අපි කැපවී සිටිමු.” යැයි එහි සඳහන් විය.

1989 දී ජනාධිපතිගේම පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) හේතුකරගෙන සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) ප්‍රහාර හේතුවෙන්1998 දී වසා දැමූ මහනුවර වැව රවුම මාර්ගය නැවත විවෘත කිරීමට ජනාධිපතිවරයාට කාලය පැමිණ ඇති බව ට්විටර් පණිවිඩයට යටින් ශ්‍රී ලාංකිකයකු ප්‍රතිචාර දක්වා ඇත.

42.31%
17.27%
32.76%