Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු නව විදේශ ගමන් බලපත්‍ර තොගය පසුගිය සිකුරාදා වන විට 14,837ක් දක්වා අඩු වී ඇති බව වාර්තා වේ.
එම දෙපාර්තමේන්තුව මේ වනවිට නිකුත් කරන්නේ දිනකට ගමන් බලපත්‍ර 1,000ක් පමණක් වන අතර එක්දින සේවාව හරහා නිකුත් කරන්නේ 700ක් පමණි.
සාමාන්‍ය දෛනික ඉල්ලුම 1,300ක් වන අතර වාර්තා වන පරිදි පවතින පසුබෑම එම ඉල්ලුම වර්ධනය කර තිබේ.
මේ අතර, M/s Thales DIS Finland Oy සමාගම සහ එහි ශ්‍රී ලංකා නියෝජිත Just In Time Technologies (Pvt) Ltd. සමාගමේ එකමුතුවකින් මිලදී ගැනීමට සැලසුම් කර තිබු යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර 750,000ක් ලබා ගැනීමේ කැබිනට් තීරණයට අභියාචනාධිකරණය පසුගිය බ්‍රහස්පතින්දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ 2024 ඔක්තෝම්බර් 1 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදිය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහා ePassport මිලියන පහක් මිලදී ගැනීමේ ප්‍රධාන ටෙන්ඩරය වැරදි ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන් ඇති වූ විදේශ ගමන් බලපත්‍ර බරපතළ හිඟයට මෙම මිලදී ගැනීම විසඳුමක් විය.
අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා මෙම නියෝගය කළේ Thales/JIT වෙත ගිය ePassport ටෙන්ඩරයෙන් පරාජයට පත් වූ ලංසුකරු වන Epic Lanka (Pvt) Ltd සහ එහි විධායක සභාපතිවරයා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට ප්‍රතිචාර දක්වමින්.
වගඋත්තරකරුවන් අතර ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා සහ සාමාජිකයන්, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් වියානි ගුණතිලක, මහජන ආරක්‍ෂක හිටපු ඇමැති ටිරාන් අලස්, ආගමන විගමන පාලක ජනරාල්, ජාතික ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා සහ හිටපු සහ වත්මන් ඇමැති මණ්ඩලය වේ.
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් ලබා ගැනීමට රජය දරන හදිසි ප්‍රයත්නය සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් පවසන්නේ පිටුවකට ඩොලර් 0.104 බැගින් පිටු 48ක ගමන් බලපත්‍රයක් ලබාදීමට ඉදරිපත් වූ M/s Thales DIS Finland Oy සමාගමට වඩා අඩු මිලකට එනම් පිටුවකට ඩොලර් 0.092 බැගින් පිටු 64ක විදේශ ගමන් බලපත්‍රයක් සැපයීමට තමන් ඉදිරිපත් වූ බවයි.
එබැවින් M/s Thales DIS Finland Oy වෙතින් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේදී රජයට සිදු වූ සෘජු පාඩුව ඩොලර් 576,000 ක් වනු ඇතැයි ඔවුහු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart