Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නීත්‍යානුකූලව මෙරට විදේශ විනිම සංචිතය ඉහළ දැමීමමට විදේශ විනිමය එවූ ශ්‍රී ලංකිකයන්ට විද්‍යුත් වාහන ආනයනයට අවසර ලබාදෙමින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව, ආනයනය කරන ලද විදුලි වාහන හතක් රේගු භාරයේ රඳවා ගැනීමට රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයා ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ(01) අතුරු නියෝගයක් නිකුත් කළේය.
තම සමාගම විසින් නීත්‍යානුකූලව ආනයනය කළ විදුලි වාහන හතක් රේගු භාරයේ රඳවා ගැනීමට එරෙහිව ඕවර්ලෑන්ඩ් ඔටෝමොබයිල් පෞද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරුවන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළහ.
ඊට අමතරව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර සමාගමේ කළමනාකාර අධ්යක්ෂ දහම් පෙරේරා හෝ එම සමාගමේ කිසිදු නියෝජිතයකු අත්අඩංගුවට ගැනීම වළක්වමින් විනිසුරු මඩුල්ල විසින් තවත් අතුරු නියෝගයක් නිකුත් කළහ.
පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයන් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ආකාරයෙන් කටයුතු කර තිබෙන අතර රේගුව සමග ඉතා විශ්වාසවන්ත ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් සඳහන් කර සිටියේය.
2022 වසරේ අගෝස්තු මස 31වැනිදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය ප්‍රකාරව පෙත්සම්කාර සමාගම විසින් ගෙන්වන ලද විදුලි වාහන හතක් සම්බන්ධ ලේඛන නීති විරෝධී යැයි පවසමින් ඒවා මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීමට රේගුව කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුන්නේය.
මෙම ක්‍රියාවලිය නීතියට පටහැනි යැයි තීන්දු කොට එම කටයුතු වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවයන් විසින් අධිකරණය ඉදිරියේ සඳහන් කර සිටියේ තමන්ගේ ජීවිතයට තර්ජනයන් එල්ලවූ බවයි.
ඒ අනුව ජූනි මාසය ආසන්නයේදී කප්පම් ඉල්ලමින් තර්ජන එල්ල වූ බවද අධිකරණයට දැනුම් දුන්නේය.
එහිදී රුපියල් කෝටියක කප්පමක් ගෙවන ලෙසට දුරකථන ඇමතුම් ලැබණු බවත්, එසේ නොමැති නම් පෙත්සම්කරුගේ ජීවිතය අනතුරක් සිදුවිය හැකි බවටද තර්ජනය කර ඇති බවත් ප්‍රකාශ විය.
එමෙන්ම පෙත්සම්කරු එසේ කප්පම් නොගෙවන්නේ නම් ශ්‍රී ලංකා රේගුවේ වැටළීම් වලට ලක්වීමට හැකි බවටද තර්ජනය කර ඇති බව පෙත්සම්කරුවෝ අධිකරණය ඉදිරියේ සඳහන් කරනු ලැබූහ.
ඒ අනුව තර්ජනයේ ස්වභාවය සහ වෙනත් වාණිජ ආයතන ඇතුළු බොහෝ පුද්ගලයන් මෙම අසීරු තත්ත්වයන් තුළ පෙත්සම්කාර සමාගමේ සාර්ථකත්වය පිළිබඳ අප්‍රසාදය පළ කරන බව හොදින්ව දැනසිටීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගත් බවද පෙත්සම්කරුවෝ අධිකරණය ඉදිරියේ සඳහන් කළහ.
තමන්ට එල්ලවන තර්ජනයන් නොතකා තම ව්‍යාපාර කටයුතු කරගෙන ගිය බවත් ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේකය ප්‍රකාරව විදුලි මෝටර් රථ 07ක් ආනයනය කළ බවත් පෙත්සම්කරුවෝ පැවසූහ.
මේ අතර, ඔක්තෝබර් 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයේදී පළමු හා දෙවන වග උත්තරකරුවන් වන රේගු අධ්‍යක්ෂක ජනරාල් පී.බී.එස්.සී නෝසින්, නියෝජ රේගු අධ්යක්ෂ එස් ලුක්මාන් හෝ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ඒ.පී.ඒ.එස්. පී පෙරේරා යන පාර්ශවයන් සියලුදෙනා හෝ ඉන් ඇතැමකුගේ අධිකාරිය යටතේ ක්‍රියාකරන නිලධාරීන් පෙත්සම්කාර පාර්ශවයගේ ප්‍රදර්ශනාගාරය වටළා විදුලි වාහන 07ක් ආනයන කිරීමට අදාළ ලිපි ලේඛණ ඔවුන් සන්තකයේ තබාගත් බවද පෙත්සම්කාර පාර්ශවයන් විසින් අධිකරණට දැණුම් දෙනු ලැබීය.
අදාළ සිදුවීම වූ දිනයේම රාත්‍රී 11ට විදුලි වාහනයට අදාල ලිපි ලේඛන තමන් සන්තකයේ තබාගත් එක් නිලධාරියකු විසින් එක් පෙත්සම්කාරුවකු වන පෙත්සම්කාර සමාගමේ සේවකකුගෙන් අදාළ වාහන 07 ප්‍රදර්ශනාගාරයේ පරිශ්‍රයෙන් පිටතට ප්‍රවාහනය නොකරක බවට සඳහන් කරන ලිපියන් ලබාදෙන ලෙසටද ඉල්ලීම් කර ඇති බවද පෙත්සමකාර පාර්ශවයන් විසින් අධිකරණය ඉදිරියේ සඳහන් කරනු ලැබිණි.
මේ අතර, ඉකුත් ඔක්තෝබර් 27 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ශ්‍රී ලංකා රේගුව මගින් අදාළ වාහන 07 සම්බන්ධයෙන් සිදුකළ බව කියන පරීක්ෂණය වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුවත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර පාර්ශවයක් පළමු වගඋත්තරකරු වන රේගු අධ්‍යක්ෂක ජනරාල් පී.බී.එස්.සී නෝසින් හට ලිපියක්ද යොමුකළ බවද පෙත්සම්කරුවෝ අධිකරණය ඉදිරයේ පැවසූහ.
මෙම වැටළීම සම්බන්ධයෙන් පළමු,දෙවැනි හා තෙවැනි වගඋත්තරකරුවන් හෝ ඔවුන්ගේ උපදෙස් වලට අනුව කටයුතු කරනු ලබන පාර්ශවයන් විසින් ජනමාධ්‍යට තොරතුරු ලබාදීමට කටයුතු කර ඇති බවද පෙත්සම්කරුවෝ අධිකරණයට දැනුම් දුන්හ.
එහිදී ශ්‍රී ලංකා රේගු භාරයට ගත් වාහන 07ට අදාළ ලිපි ලේඛන තමභාරයට ගැනීම සම්බන්ධයෙන් ජාතික පුවත්පත් මගින් ප්‍රචාරය කළ බව පෙත්සම්කරුවෝ පැවසූහ.
ඉන් අනතුරුව ඔක්තෝබර් 23 ජාතික පුවත්පතක සිරස්තලයක් සහිතව විශේෂයෙන් සඳහන් කර තිබුණේ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේකය ප්‍රකාරව පෙත්සම්කාර සමාගම විද්‍යුත් වාහන 70කට වැඩි සංඛ්‍යාවක් ආනයනය කර ඇති බවත් පෙත්සම්කාර සමාගම මහා පරිමාණ බලපත්‍ර වංචාවකට සම්බන්ධ බවත්ය.
ශ්‍රී ලංකා රේගුවේ ඇතැම් නිලධාරීන්ගේ අවශ්‍යතාවය මත ජනමාධ්‍ය වෙත ඉහත තොරතුරු ජාතික පුවත්පකට ලබාදී ඇති බවට සැකයක් පවතින බවත් පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයට වැඩිදුරටත් දැනුම්දුන්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart