Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම ආරම්භ කර ඇත්තේ පසුගිය වසරේ මුල සිට බවත් එලෙ දහස් ගණනක් බහාලුම් නිදහස් කර ඇති බවත් ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ගැටලුව මේ වන විට නැවත මතුවී ඇත්තේ ඉහළ කළමනාකාරිත්වයට එරෙහිව වෘත්තීය සමිති විසින් අඛණ්ඩව ගෙන යන ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස බව ද අවාර්තා වේ.
කොළඹ වරායේ තදබදය මඟහරවා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදී පරීක්ෂාව සඳහා සලකුණු කරන ලද බහාලුම් නිදහස් කිරීම කිරීම රේගුව ආරම්භ කර තිබේ.
පවතින තදබදය අඩු කිරීම සඳහා රේගුව විසින් පසුගිය වසරේ මුලදී මෙම මතභේදාත්මක උපාය මාර්ගය අනුගමනය කර ඇති බව ආරංචි මාර්ග පවසයි.
කෙසේවෙතත් දැඩි අභ්‍යන්තර පාලනයන් රේගු ආදායමේ තියුණු වැඩිවීමට හේතු වී ඇති අතර, පෙර වසරේ රුපියල් බිලියන 975ට සාපේක්ෂව 2024 දී රුපියල් ට්‍රිලියන 1කට වඩා වැඩි වාර්තාගත ආදායමක් රේගුව උපයා ඇති බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධුර කාලය ආරම්භයේදී පත්කෙරුණු රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් ඉවත් කරන ලෙස වෘත්තීය සමිති 2022 ජූලි අග දී රජයෙන් ඉල්ලා තිබිණි.
කෙසේවෙතත්, රජය එම පීඩනයට යටත් නොවීය.
විශේෂ ඒකකයක් හරහා මහජනතාවට පැමිණිලි කිරීමට ඉඩ සලසන විමර්ශන ක්‍රියාවලිය සක්‍රීය කිරීමෙන් පසුව, අභ්‍යන්තර පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස රේගු නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කරන ලදී.
පවතින තත්ත්වය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන දෙදෙනාටම දැනුම් දී ඇති බවත් රීක්ෂණයකින් තොරව මුදා හැර ඇති දහස් ගණනක් බහාලුම් පිළිබඳව විමර්ශනය කළ යුතු බවටත් වෘත්තීය දැනුවත් කර ඇති බව ද දැනගන්නට තිබේ.
පසුගිය මාස කිහිපය තුළ මුදා හරින ලද බහාලුම් පරීක්ෂා කිරීම සඳහා වර්ගීකරණය කරන ලද ඒවා බව ආරංචි මාර්ග පවසයි.
එසේ වර්ගීකරණය කරන ලද බහාලුම් මුළු බහාලුම්වලින් ආසන්න වශයෙන් 40%ක් වන අතර ඒවා නිදහස් කර ඇති බව වාර්තා වේ.
බහාලුම්වලින් 60%ක් පමණ පරීක්ෂණ කිරීම අවශ්‍ය නොව කාණ්ඩයට ඇතුළත්ය.
2020 දී ආසියානු සංවර්ධන බැංකුව (ADB) කෙරවලපිටියේ බහාලුම් අංගනයක් පිහිටුවීම සඳහා අරමුදල් සහතික කර ඇත.
කෙසේවෙතත්, 2022 දී රජය සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ අතර, එමඟින් වර්තමාන අර්බුදයට මග පෑදූ බව ආරංචි මාර්ග සඳහන්කරයි.
කෙරවලපිටිය සැලැස්ම නැවත සක්‍රීය කිරීමට වත්මන් රජය තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart