Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් ආරක්ෂාව යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මාස හයක කාලයක් තබා තිබූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ඔහුගේ ඥාතීන් වෙත මුදාහැර තිබේ.
ඒ, ඔහුගේ දේහය ඥාතීන්ට භාරදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි.
ඒ අනුව ඔහුගේ දේහය ඥාතීන් විසින් ඊයේ භාරගෙන තිබිණි.
අධිකරණ නියෝගයට අනුව දේහය නැවත භූමදාන කළයුතු වන්නේ ජාවත්ත සුසාන භූමියේයි.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට පත්කළ වෛද්‍ය විශේෂඥ මණ්ඩලයක් ඉදිරියේ මැයි 25 වැනිදා ගොඩගනු ලැබීය.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක්ද සියදිවි නසාගැනීමක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට පෙබරවාරි 27 වැනිදා අධිකරණය විසින් පංච පුද්ගල වෛද්‍ය විශේෂඥ මණ්‌ඩලයක් පත්කරන ලදී.
පංච පුද්ගල මණ්ඩලයට මහාචාර්ය අසේල මෙන්ඩිස් (සභාපති) මහාචාර්ය බී.සී.ආර්. පෙරේරා, මහාචාර්ය ඩී.එච්.එස්. ප්‍රනාන්දු සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකු වන වෛද්‍ය ශිව සුබ්‍රමනියම් සහ ආචාර්ය බී.ආර්. රුවන්පුර ඇතුළත් විය.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට සැබෑ හේතුව තීරණය කිරීම සඳහා නව පරීක්ෂණයක් පැවැත්වීම ඔවුන්ට භාර විය.
එම කමිටුවේ වාර්තාව පසුගියදා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට ප්‍රකාශ කෙරිණි.
ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart