January 3, 2025

2022 ආහාර ලේබල් කිරීම සහ ප්‍රචාරණ රෙගුලාසි යටතේ 2025 ජනවාරි 1 සිට දරුවන්ට ආහාර සහ පාන වර්ග අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය නව සීමාවන් ප්‍රකාශයට පත් කර තිබේ.

ලංකා වාණිජ මණ්ඩලය එහි ආහාර සහ පාන මෙහෙයුම් කමිටුව හරහා, දශකයකට අධික කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ පැවති උපදේශන ක්‍රියාවලියක් තුළ ආහාර විද්‍යාව, පෝෂණය, අන්තර්ජාතික නියාමන පිළිවෙත් සහ නීති රාමු පිළිබඳ යෙදවුම් ලබා දෙමින් මෙම රෙගුලාසි සකස් කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙක් ලෙස කටයුතු කර ඇත.

නව නීතිරීති යටතේ ආහාර සහ පාන වර්ග නිෂ්පාදන සඳහා වන වෙළඳ දැන්වීම්වල අවුරුදු 12ට අඩු ළමුන් ප්‍රදර්ශනය නොකිරීමට සහතික විය යුතුය.

තවද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව ආහාර සහ පාන වර්ග නිෂ්පාදන අවුරුදු 12ට අඩු ළමුන් සඳහා ප්‍රචාරණය කිරීම හෝ ප්‍රවර්ධනය නොකළ යුතුය.

මීට අමතරව, යාවත්කාලීන කරන ලද ආහාර ලේබල් කිරීමේ අවශ්‍යතා යටතේ 2025 ජූලි 1 සිට බලපැවැත්වෙන පරිදි පෝෂණ අගයන් සහ සවිස්තරාත්මක අමුද්‍රව්‍ය ලැයිස්තු ඇතුළුව අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් කළ යුතු වේ.

මෙම යාවත්කාලීන කිරීම් 2005 දී ස්ථාපිත කරන ලද රෙගුලාසිවල හිඩැස් සඳහා පිළියම් යොදන අතර අන්තර්ජාතික ප්‍රමිතීන්ට ද අනුකූල වේ.

ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී බුවනෙකබාහු පෙරේරා පවසන්නේ වසර 20කට පසු ශ්‍රී ලංකාවේ ආහාර නියාමන රාමුව නවීකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රශංසා කරන බවයි.

 

42.31%
17.27%
32.76%