42.31%
17.27%
32.76%
September 28, 2023

අමෙරිකාවට යෑමට වීසා ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර කළ ඉල්ලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

තමා වෙනුවට එම අධ්‍යයන වැඩසටහන සඳහා වෙනත් සහභාගිවන්නකු නම් කරන ලෙස පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයෙන් තානාපති කාර්යාලය කළ ඉල්ලීම සම්බන්ධයෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් විධිමත් ලෙස විමසන ලෙස සරත් වීරසේකර සැප්තැම්බර් 25 දිනැති ලිපියක් මගින් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

“මට එක්සත් ජනපදයට යෑමට විශේෂ අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් නිල වශයෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් විමසන ලෙසයි. මම හිතන්නේ ඔහු දැනට විදේශගතව සිටිනවා. මගේ ඉල්ලීම සම්බන්ධයෙන් මට කිසිම පිළිතුරක් ලැබී නැහැ.” යැයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.

2023 ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන වැඩසටහනකට සහභාගී වීම සඳහා සරත් වීරසේකරට වීසා ලබාදීම එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇත.

එම වැඩසටහන සඳහා විකල්ප සහභාගිවන්නකු නම්කරන ලෙස එක්සත් ජනපද තානාපති කාර්යාලය පාර්ලිමේන්තුවට දන්වා ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය ඔහුට දන්වා තිබිණි.

සරත් වීරසේකර මන්ත්‍රීවරයා චීන හිතවාදියෙක් ලෙස සැලකෙන අතර, පසුගිය වකවානුවේ ආන්දෝලනාත්මක චීන වැඩසටහන් කිහිපයකටම සහභාගී වී තිබේ.

චීනයේ ආන්දෝලනාත්මක පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 එක්සට් ජනපදයේද විරෝධය මැද මෙරටට පැමිණි අවස්ථාවේදී සරත් වීරසේකර මන්ත්‍රීවරයා එය පිළිගැනීමේ උත්සවයට ගොස් කතාවක්ද පැවැත්වීය.

42.31%
17.27%
32.76%