January 3, 2024

විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබන සතියේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ඇති බව විදුලිබල හා බලශක්ති අමැති කංචන විජේසේකර ප්‍රකාශ කරයි.

ට්විටර්(X) පණිවිඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ඉදිරි මිල සංශෝධනය මගින්, විදුලි ගාස්තු අඩුකිරීමක් සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා ප්‍රකාශ කළේය.

ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව මේ වන විට සකස් කරමින් පවතින අතර, එය ජනවාරි 15 වැනිදා වන විට මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත අනාවරණය කර තිබිණි.

දීවයිනට ඇදහැළෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන්, ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවට පැමිණ ඇති බැවින්, ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත ගාස්තු සංශෝධනයේදී, විදුලි බිල අඩුවීමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර ප්‍රකාශ කර තිබේ.

42.31%
17.27%
32.76%