February 22, 2024

සාමාන්‍ය ජනතාවට මත්පැන් පානය කිරීම සඳහා අලුත් අවුරුද්දට පෙර රජය විසින් අති විශේෂ අරක්කු (ගල් අරක්කු) මිල අඩුකළ යුතු බව රාජ්‍ය ඇමැති චාමර සම්පත් ප්‍රකාශ කළේය.

අරක්කු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් ජනතාව නීති විරෝධී මත්පැන් (කසිප්පු) පානය කිරීමට පෙළඹී ඇති බවත් ඔහු ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“ගල් අරක්කු බෝතලයක මිල වැඩිවෙලා. මිනිස්සු දැන් බොනවා හොර මත්පැන්. තැබෑරුම් පාලුයි. හැමදාම කසිප්පු බොන්න බැහැ. අවුරුදු කාලෙටවත් ගල් අරක්කු බොන්න ඕන” ඔහු සඳහන් කළේය.

රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 1,500 දක්වා පහත දැමිය යුතු බවත්, අරක්කු පෙරීමට අවශ්‍ය ස්ප්‍රීතු පැල්වත්ත, සෙවනගල සහ ඇතිමලේ යන ප්‍රදේශවලින් ලබාගත හැකි බවත්ය.

42.31%
17.27%
32.76%