July 4, 2024

කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය පත්කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එම පාසලට නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ.

2023/2024 වසර සඳහා පත්කළ ශිෂ්‍ය නායක මණ්ඩලය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලිවලට අදාළව මෙම නිර්දේශය නිකුත් කර තිබේ.

එම කොමිසම අවධාරණය කර ඇත්තේ එම්.ජී. ජයවර්ධන නම් ශිෂ්‍යයා ශිෂ්‍ය නායකයකු ලෙස පත්වීම සඳහා ලකුණු 27 කඩඉම් සීමාව ඉක්මවා ලකුණු ලබාගෙන සිටින බවයි.

ශිෂ්‍ය නායක මණ්ඩලයේ සාමාජිකයන්ට අයථා ලෙස සැලකූ බවට පැමිණිලිකාර එම්.පත්බේරිය විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින්වි මර්ශනය කළ යුතු බවට ද කොමිසම නිර්දේශ කරයි.

තවද, අදාළ නිර්ණායක සපුරා නැති දෙදෙනෙකු ශිෂ්‍ය නායකයන් ලෙස පත් කිරීම සම්බන්ධයෙන් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් ගුරු මණ්ඩලය සමඟ සාකච්ඡා කළ යුතු බවට ද මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

ශිෂ්‍ය නායකයන් දෙදෙනකු පත්කිරීම සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශනයට රාජකීය විද්‍යාලය විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකරන විමර්ශනයේ ප්‍රතිඵල ද කොමිසම අපේක්ෂාවෙන් පසුවේ.

රාජකීය විද්‍යාලය අදාළ පත්වීම් ඵලදායි හා විනිවිදභාවයකින් සිදු නොකළ බවත්, එමගින් අදාළ මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බවත් මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

එබැවින් මින් ඉදිරියට මෙවැනි සිද්ධීන් ඇති නොවීමට ශිෂ්‍ය නායකයන් පත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ පිළිපදින ලෙස ද කොමිසම රාජකීය විද්‍යාලයට දැනුම් දී තිබේ.

2023/2024 ශිෂ්‍ය නායක පත්වීම් ක්‍රියාවලියේදී අයිතිවාසිකම් කඩවීම් සිදු වූ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි හතක් ගොනු කර තිබිණි.(Dailymirror)

https://www.dailymirror.lk/breaking-news/HRCSL-makes-strong-recommendations-over-prefects-appointments-at-Royal-College/108-286366

 

42.31%
17.27%
32.76%