Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය දින කිහිපයේ වාර්තාවූ කොවිඩ් යැයි ප්‍රකාශ කෙරුණු මරණ තුනම කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුවුණු මරණ නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ජී. විජේසූරිය පැවසුවේ, විවිධ දිගුකාලීන රෝග හේතුවෙන් අදාළ මරණ සිදුවී ඇති බවයි.
“මහනුවර, ගම්පහ සහ අනුරාධපුර රෝහල්වලින් සිදු වූ මෙම මරණ තුන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔවුන්ගේ PCR වාර්තා ධනාත්මක බව වාර්තා වුවත්, එම මරණවලට කොවිඩ් වෛරසයේ කිසිදු සම්බන්ධයක් නැහැ” වෛද්‍ය විජේසූරිය ප්‍රකාශ කළේය.
රිජ්වේ ආර්යා රෝහලෙන් (LRH) කොවිඩ්-19 මරණයක් වාර්තා වීම පිළිබඳ වාර්තාවලට ද වෛද්‍ය විජේසූරිය ප්‍රතිචාර දැක්වූයේ, එම රෝහලින් කිසිදු මරණයක් වාර්තා වී නොමැති බව පවසමිනි.
මේ අතර, ගෝලීය වශයෙන් කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමත් සමඟ අමාත්‍යාංශය දැඩි අවධානයෙන් සිටින බවත්, ඒ අනුව අදාළ පියවර ගන්නා ලෙස සියලුම රෝහල්වලට උපදෙස් දී ඇති බවත් ඔහු සහතික විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart