October 30, 2024

ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග අධිකරණය හමුවී පෙනීනොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය නිකුත්කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.

ඉදිරියේදී අදාළ නඩුව මාතලේ මහාධිකරණය හමුවේ විභාගය සඳහා කැඳවන අවස්ථාවේ එම අධිකරණය හමුවේ පෙනීසිටින බවට උපුල් තරංග සිය නීතිඥවරු මාර්ගයෙන් දුන් ප්‍රතිඥාවක් සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

මාතලේ මහාධිකරණය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ලෙස දන්වා නිකුත්කර තිබෙන වරෙන්තුව බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා උපුල් තරංග විසින් ඉදිරිපත්කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.

42.31%
17.27%
32.76%