Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැගෙනහිර ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්කෙහි සංචාරක ප්‍රදේශ ඉලක්ක කරගනිමින් තර්ජනයක් එල්ල වන බවට කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් අනතුරු අඟවා සිටීම හා ඒ ඔස්සේ මෙරට ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් පොලිසිය අදහස් පළකර සිටියි.
ඒ අනුව අද උදෑසන කැඳවා තිබූ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවැසුවේ, ඊශ්‍රායලය සංචාරකයන් විසින් භාවිත කරන ගොඩනැගිල්ලක් ආරුගම්බේ ප්‍රදේශයේ පවතින බවයි.
ආරුගම්බේ ප්‍රදේශයන් ඊශ්‍රායල ජාතිකයන්ගේ ආකර්ශනීය ස්ථානයක් බවත් සර්ෆින් ක්‍රීඩාවේ නිරතවීම සඳහා ඔවුන් එම ප්‍රදේශයට කැමැත්තක් දක්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
එලෙස එම ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට යම් අනතුරක් වීමට ඉඩ ඇති බවට පසුගිය දින කිහිපයේදී තොරතුරු ලැබී ඇති බවත්, ඒ හේතුවෙන් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි එම ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති බවත් ඔහු පැවැසුවේය.
අද වනවිට එම ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ නාවික හමුදාව සහ බුද්ධි අංශ අවශ්‍ය යොදවා ආරක්ෂාව තරකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් පැවැසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart