October 24, 2024

ත්‍රරස්තවාදී කණ්ඩායම්වලින් එල්ල විය හැකි තර්ජන වැළැක්වීම සඳහා ජාතික ආරක්ෂක උපදේශකවරයකු යළි මෙරටට පත් කළ යුතු බව හිටපු ජනාධිපති උපදේශක සාගල රත්නායක පවසයි.

ජනමාධ්‍ය අමතමින් ඔහු කියාසිටියේ, මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙමින් පවතින බැවින් මෙවැනි තර්ජන පිළිබඳ පුවත් රටට දැඩි හානියක් විය හැකි බවයි.

මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට වත්මන් ආණ්ඩුව වගබලාගත යුතු බවද ඔහු පැවැසීය.

“අපේ ආණ්ඩුව වෙනත් රටවල් සමඟ බුද්ධි තොරතුරු බෙදාගැනීමේ ජාලයක් ස්ථාපිත කර තිබුණා.මෙම ජාලය හරහා අපි තීරණාත්මක තොරතුරු හුවමාරු කරගනිමින් රටේ ආරක්ෂාව තහවුරු කළා.මේ නිසා ශ්‍රී ලංකාවට පසුගිය වසරවල විශාල තර්ජන එල්ල වුණේ නැහැ.ඒ පිළිබඳව අපට තොරතුරු ලැබුණා. විය හැකි තර්ජන පිළිබඳව අපි කාලෝචිත ආකාරයකින් අවශ්ය පියවර ගත්තා,” ඔහු පැහැදිලි කළේය.

වත්මන් ආණ්ඩුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නම් මෙම තර්ජන මතු නොවන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

“රටේ ප්‍රතිරූපයට හානියක් වන ප්‍රකාශ නිකුත් කිරීම ආර්ථිකයට අහිතකර ලෙස බලපානවා විදේශ විනිමය ලබාගැනීමේ ගැටළු ඇතිකරනවා. රැකියා අවස්ථා සහ ව්‍යාපාරික කටයුතුවලට බාධාවක් වෙනවා. එවැනි නිවේදන රටේ ආර්ථිකයට තීරණාත්මක වන සංචාරක කර්මාන්තයට සෘජුවම බලපානවා” ඔහු වැඩිදුරටත් පැවැසීය.

42.31%
17.27%
32.76%