August 20, 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකට එරෙහිව නඩු පැවරීමට ජාතික ජන බලවේගය සූදානම් වෙයි.

ජාතික ජන බලවේගයට රටේ බලය හිමිවුව හොත් මහනුවර දළදා පෙරහැර නතර කරන බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර ඇතැයි, පසුගියදාක පැවැති සජබ මැතිවරණ රැස්වීමකට එක්වෙමින් තිස්ස අත්තනායක ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශය අසත්‍ය බවත්, ජාජබ සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වාදෙයි.

මෙම අසත්‍ය ප්‍රකාශය කඩිනමින් නිවැරදි නොකළහොත් හෙට දිනයේ තිස්ස අත්තනායකට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අසත්‍ය සටහනක් පදනම් කරගෙන තිස්ස අත්තනායක මෙම ප්‍රකාශය සිදුකර ඇතැයිද නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

තිස්ස අත්තනායකට පමණක් නොව, ඔහුගේ ප්‍රකාශය විකාශය කළ ජනමාධ්‍ය ආයතනයටද එරෙහිව නීතිමය පියවර ගන්නා බවද නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළේය.