June 28, 2023

හිරු මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රේනෝ ද සිල්වා ඊයේ(27) තම කොටස් 10% දක්වා ඉහළ නංවාගනිමින් සම්පත් බැංකුවේ දෙවන විශාලතම කොටස් හිමියා බවට පත්විය.

රුපියල් මිලියන 700ක් යොදවමින් රේනෝ ඊයේ සහ සඳුදා බැංකුවේ තවත් කොටස් මිලියන 12ක් මිලදීගෙන තිබේ.

ඒ අනුව, ඊයේ වන විට රේනෝ සිය ව්‍යාපාරය වන Phantom Investments Ltd හරහා සම්පත් බැංකුවේ කොටස් මිලියන 117.27 ක් තබාගෙන එහි 10% ක ප්‍රතිශතයක කොටස් හිමිකරගෙන සිටියේය.

ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පාලනය කරන වැලිබල් වන් පීඑල්සී විසින් කොටස් මිලියන 171.11ක් හෙවත් කොටස් 14.95% ක ප්‍රතිශතයක් හිමිකරගනිමින් සම්පත් බැංකුවේ විශාලතම කොටස් හිමියා බවට පත්ව සිටී.