May 3, 2024

විද්‍යුත් මාධ්‍ය ආයතන හිමිකරුවෙකු සහ ආයෝජකයකු වන රේනෝ සිල්වා ඊයේ දිනයේත් හේලීස් පීඑල්සී සමාගමේ හි තවත් කොටස් මිලියන 2 ක ප්‍රමාණයක් මිලදී ගෙන ඇත.

ඒ අනුව ඔහුගේ කොටස් ප්‍රමාණය මිලියන 16 ක් දක්වා එනම් 3% කට ආසන්න ප්‍රමාණයක් දක්වා වැඩි වී තිබේ.

ඊයේ දිනයේදී හේලීස් සමාගමේ කොටස් මිලියන 4.46 ක් රු. මිලියන 417.8 කට අලෙවි වූ අතර කොටස් වෙළෙඳපලේ දවසේ පිරිවැටුමෙන් එය 18% ක ප්‍රමාණයක් විය.

රේනෝ සිල්වා විසින් ඊයේ කොටස් බොහොමයක් රු. 92.50 ක් සහ රු. 94 කට මිලදී ගනු ලැබිය.

හේලීස් සමාගමේ කොටසක මිල දිනය අවසානයේ දී රු. 93.90 ක් ලෙස දැක්වුණු අතර එය කොටසක මිල රු. 2.90ක් හෝ 3.2%කින් ඉහළ යෑමක් පෙන්නුම් කළේය.

රේනොර් සිල්වා සති කිහිපයක් ඇතුළත හේලීස් PLC සමාගමේ හි තුන්වැනි විශාලතම කොටස් හිමියා බවට පත්විය.

2023 අවසානයේ හේලීස් සමාගමේ කොටසක මිල රු. 71.50 ක් වූ අතර දෙසැම්බර් කාර්තුවේදී එය රු. 92.90ක උපරිම මිලක් සහ අවම අගය රු. 70.90ක් ලෙස සටහන් විය.

Daily FT පුවත් පත වෙත අදහස් දක්වමින් රේනොර් සිල්වා පවසා ඇත්තේ, හේලීස් සමාගමේ කොටස් අගය දැනට අවතක්සේරු කර ඇති වුවත් අනාගතයේ දී එය උඩුයටිකුරු වනු ඇති බවයි.

හේලීස් වෙත තම ආයෝජනය දිගුකාලීන එකක් බව ඔහු එහිදී විස්තර කර ඇත.

ධම්මික පෙරේරා හේලීස් PLC සමාගමේ හි විශාලතම කොටස් හිමියා වන අතර ඔහුට හිමි මුළු කොටස් ප්‍රමාණය 51%ක් වේ.

D. S. ජයසුන්දර භාරයේ ඇති මුළු කොටස් ප්‍රමාණය 11.6%ක් වේ.

මීට පෙර එහි තුන්වැනි විශාලතම කොටස් හිමියා වූයේ McLarens Holdings Ltd සමාගමයි.

ඔවුන් සතුව කොටස් මිලියන 13.2ක් එනම් මුළු කොටස් ප්‍රමාණය 1.76% ක් විය.

 

42.31%
17.27%
32.76%