February 25, 2025

රටක පැවැත්ම උදෙසා මූල්‍ය විනය පවත්වාගෙන යෑම අතිශය වැදගත් අතර රටක ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යෑම වෙනුවෙන් කැබිනට් මණ්ඩලය තීන්දු තීරණ ශක්තිමත් ලෙස ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු ජාතික ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී 2025 වසර සඳහා වන අයවැය විවාදය සඳහා ඊයේ (24) සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“ජනතාවට එල්ල වන පීඩනය යම් තරමකට හෝ අඩු කිරීම අයවැයක අරමුණක්. මුදල් අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරින් පිරිසක් හිටියා. මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු කණ්ඩායම ඉතාමත් දක්ෂ ලෙස අයවැය සකස් කරපු බව අපි දන්නවා.”