February 13, 2025

මෙරට රාජ්‍ය ආයතන තවදුරටත් අලාභ නොලබන තත්ත්වයක් දක්වා වර්ධනය නොකළහොත් මෙරට හෙට උපදින දරුවාට ද එම ආයතනවල ණය ඉදිරියට ගෙනයෑමට සිදුවනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ඔහු මෙම අදහස් පළකළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ, ශ්‍රී ලංකාව 2022 වසරේ මැයි මාසයේදී බංකොලොත් තත්ත්වයට පත්වීමෙන් පසුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සිදුකළ සමාලෝචනයේදී වඩාත්ම පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රකාශයට පත්කෙරුණු බවයි.

මෙරට රජයේ හිමිකාරීත්වය දරන ආයතන 527 න් වාණිජකරණය සිදුකර ඇත්තේ ආයතන 88 ක් බවත්, එම ආයතන 88 න් වැඩියෙන්ම අලාභ ලබන ආයතන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, ඛණිජතෙල් නීතිගත සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය, ජලසම්පාදන මණ්ඩලය හඳුනාගැනුණු බවත් ඔහු පැවැසුවේය.

එම ආයතන අතරට එවකට වරාය ද එක්ව තිබූ නමුත් පසුව වරාය ලාභ ලබන තත්ත්වයට පැමිණ තිබේ.

අනෙක් ආයතන හතර 2022 වසරේ බිලියන 830ක් අලාභයක් ලබා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක එහිදී පෙන්වාදුන්නේය.

එහෙත් 2024 වසරේදී විශාල වෙනසක් පෙන්නුම් කරමින් එම ආයතන 4 බිලියන 830 ක අලාභය බිලියන 250 ක ලාභයක් බවට පත්ව ඇති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ පසුගිය වසරේ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන බිලියන 180 ක ලාභයක් වාර්තා කර, සිය අලාභය බීලියන 190ක් දක්වා අඩු කරගෙන ඇති බවයි.

එබැවින් සිදුකළ යුත්තේ නිවැරදි ගණනය කිරීමේ ක්‍රියාවලියක් ඔස්සේ ආයතන පවත්වා ගෙන යෑම බව ද ඔහු පෙන්වාදුන්නේය.

42.31%
17.27%
32.76%