Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජීවිත 250කට අධික පිරිසක් බිලිගත් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වැඩිදුර තොරතුරු තමන් සන්තකයේ පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් පැවසීය.
මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ 2019 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධකම් පිළිබඳ රජය පූර්ණ විමර්ශනයක් කළ යුතු බවයි.
“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ රජයට විශාල වගකීමක් තිබෙනවා. අපි දැක්කා පිල්ලෙයාන්ගෙන් ඒ ගැන ප්‍රශ්න කළා. ඉන් ඔබ්බට, අත්අඩංගුවට ගත යුත්තේ කවුරුන්ද යන්න ගැන අපි ඔබට කියන්න යන්න නැහැ. ඒක පොලිසියේ ප්‍රශ්නයක්. කෙසේවෙතත්, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වැඩිදුර තොරතුරු අප සතුව තිබෙනවා,” යැයි ඔහු පැවසීය.
“මම මේ ගැන ආරක්ෂක ලේකම්තුමාව දැනුවත් කරලා තියෙනවා. ආරක්‍ෂක ඇමැතිවරයාත් ඉන්නවා. අපිට අවස්ථාවක් දෙන්න. ට්‍රිපොලි ප්ලැටූන් එක ගැන අපි පාර්ලිමේන්තුවේ දී බොහෝ දේ සාකච්ඡා කර තිබෙනවා. තවත් සාක්ෂි ලබා ගැනීම සඳහා අපි තවත් කණ්ඩායම් සම්බන්ධීකරණය කරනවා, ”යනුවෙන් ද රාසමානික්කම් පැවසීය.
හිටපු ඇමැති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පසුගිය රජයට සම්බන්ධ යැයි කියන සිද්ධීන් සහ අකටයුතුකම් 32ක් ඇතුළත් ලැයිස්තුවක් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනට ඉදිරිපත් කළද කිසිදු පියවරක් නොගත් බවද මන්ත්‍රීවරයා පැවසීය.
“වර්තමාන අගමැතිතුමා අඩුම තරමින් මේ දේවල් ගැන හොයලා බලන්න, පිල්ලෙයාන් ඉඩම් අල්ලගෙන සල්ලි ගත්තෙ කොහෙන්ද කොහොමද කියලා අපෙන් අහන්න, තොරතුරු අරගෙන මේ දේවල් ගැන පරීක්‍ෂණ ආරම්භ කරන්න,” යනුවෙන් රාසමානික්කම් රජයෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart