September 14, 2024

ජනාධිපතිවරණය පැවැත්වීමටත් පෙර සමගි ජන බලවේගයේ අගමැති සටනක් ආරම්භ වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දේශය’ සඳහන් කරයි.

එම වාර්තාවට අනුව මෙම අගමැති පොරය සඳහා දැනට නම් දෙකක් කරළියට පැමිණ ඇත.

ඒ සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාරගේ නම සහ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ නමයි.

මෙම දෙදෙනාගේම නම් විවිධ මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ.

එයින් සෑහෙන මන්ත්‍රීවරුන් පිරිසක් මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර සජිත් ජය ගතහොත් අගමැති ධුරයට පත්විය යුතු බව පවසති.

තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක් කිරිඇල්ලට සහාය පළකරති.

ඒ අතර මේ දෙදෙනා අතර අනවශ්‍ය තරගයක් හටගතහොත් මෙම තනතුර වෙනත් බාහිර ජ්‍යෙෂ්ඨයකුට ලැබීමට ඉඩ ඇතැයි ද දැනගන්නට තිබේ.