42.31%
17.27%
32.76%
October 2, 2024

තමාට ලැබී ඇති ජනාධිපති සමාව යටතේ තම ඡන්ද අයිතිය ලබාගැනීමේ හැකියාව පිළිබඳව තමා මේ වන විට සොයාබලමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියාසිටියේ සාකච්ඡාවක් සඳහා ජනාධිපති සමාව සම්බන්ධයෙන් අවශ්‍ය ලිපි ලේඛන රැගෙන එන ලෙස මැතිවරණ කොමිසම තමන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් අද දින ජනාධිපති කාර්යාලයෙන් ලබාගත් අවශ්‍ය ලියකියවිලි ලබාදීමට කටයුතු කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

විදේශ සංචාර, සෞඛ්‍ය රක්‍ෂණ ආදී කටයුතු කිහිපයකට බාධා එල්ල වන බැවින්, ඒ යටතේ ලබාදී ඇති සිවිල් අයිතිවාසිකම් පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා ජනාධිපති සමාවේ වගන්ති අධ්‍යයනය කරමින් සිටින බව රන්ජන් රාමනායක අනාවරණය කළේය.

2021 ජනවාරි මාසයේදී, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රන්ජන් රාමනායකට වසර හතරක බරපතල සිරදඬුවමක් නියම කරන ලදී.

42.31%
17.27%
32.76%