Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගතව සිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2022 වසරේදී කොන්දේසි සහිත සමාවක් දුන් තමන්ට පූර්ණ සමාව ලබාදී තම ප්‍රජා අයිතිය නැවත ලබා දෙන ලෙස රංගන ශිල්පියකු සහ දේශපාලනඥයකු වන රන්ජන් රාමනායක වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කරන බව පවසයි.
“මගේ ප්‍රජා අයිතිය නැවත ලබාදෙන ලෙස ඉල්ලා මම නුදුරේදීම වත්මන් ජනාධිපති දිසානායකට ආයාචනයක් කරනවා. හිටපු ජනාධිපතිතුමා මට සමාව දුන්නා. එහෙත් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට බාධා කරමින් මගේ කට වසා තිබෙනවා. මගේ ප්‍රජා අයිතිය වෙනුවෙන් මම නව ජනාධිපතිවරයාට අලුත් ආයාචනයක් කරනවා. කිසිම අපරාධයකට මාව හිරේට යවපු නැති නිසා මට ඒක ලැබෙයි කියලා හිතෙනවා,” යනුවෙන් පහු ප්‍රකාශ කර තිබේ.
2017 අගෝස්තු මාසයේ අරලියගහ මන්දිරයෙන් පිටතදී තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් 2022 අගෝස්තු 25 වැනි දින අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් රාමනායක, තමාගේ ප්‍රකාශය අගවිනිසුරුට සහ සමස්ත අධිකරණයට මුළුමනින්ම අවඥාවක් බව පිළිගත්තේය.
රාමනායක සිය දිවුරුම් ප්‍රකාශයෙන් සමස්ත අධිකරණයෙන් ද දැඩි ලෙස සමාව ඉල්ලා සිටියේය.
තවද, 2017 අගෝස්තු 21 වැනි දින තමන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බවට ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයෙන් පිටතදී කළ අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටි ඔහු, නැවත කිසි දිනෙක තම මුළු ජීවිත කාලය තුළම එවැනි දෙයක් නොකරන බවට සහතිකයක් ද ලබා දුන්නේය.
සමස්ත අධිකරණයටම විවේචනාත්මක හෝ අවමන් සහගත ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඔහු 2021 ජනවාරි මාසයේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු විය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකා අධිකරණයක් මගින් ඕනෑම වරදක් සම්බන්ධයෙන් වරදකරුවකුකරන ඕනෑම තැනැත්තකුට සමාව දීමට ජනාධිපතිවරයාට බලය පවරා ඇත.
වරදකරුවකුට මරණ දණ්ඩනය නියම වූ විට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ක්‍රියාවලිය වන්නේ ජනාධිපතිවරයා විසින් නඩුව විභාග කළ විනිසුරුවරයාගෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීම, එය උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීම සහ ඉන්පසුව වාර්තාව අධිකරණ ඇමැතිවරයාගේ නිර්දේශය සහිතව ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart