June 17, 2024

හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා විසින් සංවිධාන කරන ලද රැස්වීමකට තමා සහභාගී වූයේ ගායකයකු ලෙස පමණක් බව එම රැස්වීමට සහභාගී වීම හේතුවෙන් ප්‍රවෘත්තියක් මැවූ හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පවසයි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමාට එම රැස්වීමට ආරාධනා ලැබුණු නිසා තමන් එය පිළිගත් බවයි.

තමන් වෘත්තීය ගායකයකු නිසා ආරාධනා ලැබුණහොත් සියලුම දේශපාලන පක්ෂ වෙනුවෙන් ගායනය කිරීමට සුදානම් බව රන්ජන් රාමනායක ප්‍රකාශ කර තිබේ.

සිය ප්‍රජා අයිතිය අහෝසි බැවින් මේ වනවිට ගායනය සහ රංගනයේ පමණක් නිරත වන බව ද ඔහු සඳහන් කරයි.

ප්‍රජා අයිතිය යළි ලබා දීමට මීට පෙර ප්‍රතිඥා දී ඇති සමගි ජන බලවේගය ඇතුළු කිසිවකු ඒ සම්බන්ධයෙන් දැන් කතා නොකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%