Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රංගන ශිල්පියකු මෙන්ම දේශපාලඥයකුද වන රන්ජන් රාමනායක සිය පක්ෂය වෙනුවෙන් රට පුරා ප්රචාරක කටයුතුවල නිරතව සිටියි.
මේ සතියේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා හෙලිකොප්ටරයකින් රැස්වීම් පැවැත්වෙන ස්ථාන වෙත පැමිණෙන අයුරු දැකගත හැකිවිය.
ජනමාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කළේ, වෙනත් අපේක්ෂකයන්ට ගුවන් ගමන් වියදම් කිරීමට නොහැකිව තිබියදී හෙලිකොප්ටරයක් භාවිතා කරන ස්ථාන වෙත යෑමට හේතුව කුමක්ද යන්නයි.
“මට දින දෙකක් ඇතුළත රටේ ප්‍රදේශ කිහිපයක රැස්වීම් ඇමතීමට නියමිතව තිබූ නිසා හෙලිකොප්ටරයක් භාවිතා කිරීමට සිදුවුණා” රන්ජන් රාමනායක පැහැදිලි කළේය.
ජනමාධ්‍යවේදියෙකු හිටපු මන්ත්‍රීවරයාට පෙන්වාදුන්නේ මෙවැනි ක්‍රියාවලින් නව ප්රචාරක මූල්‍ය නීති යටතේ අවසර දී ඇති මුදල් සීමාවන් කඩිනමින් ඉක්මවා යනු ඇති බවයි.
“කලබල වෙන්න එපා. මා වෙනුවෙන් වියදම් කරන්නේ මහජනතාව” ඔහුගේ ප්‍රතිචාරය විය.
එහෙත් ජනමාධ්‍යවේදියෙකු පෙන්වා දුන්නේ එය එසේ නොවන බවත් වියදම් ගණනය කරන්නේ ඔහුගේ ගිණුම යටතේ බවයි.
“ඒක මම දැනගෙන හිටියේ නැහැ,” ව්‍යාකූල වූ රන්ජන් රාමනායක පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart