Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුරංගනා කතා සහ ලස්සන කතා කෙතරම් කීවද එය ප්‍රයෝගිකව බිම්මට්ටමේ ක්‍රියාත්මක නොවන්නේ නම් වැඩක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේය.
69 ලක්ෂයක ජනවරමකින් පිහිටවූ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ සහ අරගලය සමඟ විකෘති වූ බවත්, අරගලය තුළින් ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුදල් ඇමැතිවරයා වන අතර, එම නිසා ඔවුන්ගේ ප්‍රතිපත්ති අයවැය යෝජනා තුළ අන්තර්ගත විය යුතු බවත්, මන්ත්‍රීවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය කතාවෙන් පසුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.
එහිදී ඔහු මෙසේද පැවසීය.
”බැලූ බැල්මට මේ බොහෝ කාරණා ගියපාර අයවැයේත් එතුමා ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා නැති බවක් පේනවා. නැවත වතාවක් ඒක ඉදිරිපත් කරලා තියෙනවා. බොහෝ වෙලාවට එකම කාරණය දෙපාරක් කියවෙනවා කියන්නේ එය ප්‍රයෝගිකව බිම්මට්ටමේ වෙලාද නැද්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා.
මෙවැනිම යෝජනා බොහොමයක් පහුගිය අයවැයේත් ඉදිරිපත් කළා හැබැයි බිම්මට්ටමේ යථාර්තයක් බවට පත්වුණේ නෑ. ඉතින් අපි බලන් ඉන්නවා මෙවර අයවැයත් එවැනි දේශනයකට පමණක් සිමාවෙන අයවැය ප්‍රකාශනයක් ද කියන කාරණය.
අපි ඉදිරි කාල සිමාව තුළ මේ පිළිබඳව අධ්‍යනය කරලා අපේ අදහස් පාර්ලිමේන්තු විවාදය තුළින් ඉදිරිපත් කරනවා. අපි බලමු ජනාධිපතිවරයා ඒවා පිළි අරගෙන ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart