Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නියමිත කාලයේදී ජනාධිපතිවරණය සහ ලබන වසර මුලදී මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා නැවත වතාවක් තහවුරු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් එම පෙරමුණේ නියෝජිතයින් සමඟ සිරිකොතදී අද පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනරජ පෙරමුණ විසින් අද (24) පෙරවරුවේ කොළඹ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත හිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ‘රටට එකමුතු පියවරක්’ මැයෙන් යෝජනාවලියක් පිළිගන්වා තිබේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ, රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කර ගැනීමට පසුගිය දෙවසරක කාලය තුළ රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බවයි.
ප්‍රතිසංස්කරණමය තීන්දු තීරණ සමඟ රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට රජය මේ වන විට කටයුතු කර තිබෙන බව පෙන්වාදී ඇති ජනාධිපතිවරයා සියලුදෙනාගේ සහාය ඇතිව එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවද පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart