
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 දී එක්සත් රාජධානියේ කළ පෞද්ගලික සංචාරයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්ටර්ලින් පවුම් 40,000ක (රුපියල් මිලියන 16 කට වැඩි) මහජන අරමුදල් භාවිත කර ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී හෙළිකළේය.
පෞද්ගලික සංචාරයක් සඳහා මහජන අරමුදල් භාවිත කිරීම සාපරාධී වරදක් බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේය.
රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ සමඟ දසදෙනකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට සහභාගී වී ඇති බවද ඔහු පැවැසීය.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අරමුදල් ඉල්ලා සිටීම සඳහා යවන ලද ලිපියක මෙම සංචාරය මුලින් පෞද්ගලික සංචාරයක් ලෙස විස්තර කර ඇති බවත් පසුව එය නිල සංචාරයක් ලෙස විස්තර කර ඇති බවත් බිමල් රත්නායක චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart