January 31, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (ජනවාරි 31) කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණියේ ඔහුගේ පැමිණීමට එරෙහිව පසුගිය දිනවල විරෝධතා මතුව තිබියදීය.

අද පෙරවරුවේ එම විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශ පරිශ්‍රයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා එම විශ්වවිද්‍යාලය වෙත ගියේය.

ජනාධිපතිවරයාගේ විශ්වවිද්‍යාලයට පැමිණීමට විරෝධය පළකරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුහු කොළඹ – මහනුවර මාර්ගය අවහිර කරමින් පසුගිය සඳුදා විරෝධතාවක නිරතවූහ.

සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර, පසුව සිසුහු පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන විරෝධතාවයේ නිරත වූහ.

42.31%
17.27%
32.76%