42.31%
17.27%
32.76%
October 4, 2024

පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ‘ගෑස් සිලින්ඩරය’ ලකුණින් තරග කිරීමට නියමිතය.

වික්‍රමසිංහ පසුගියදා පැවති ජනාධිපතිවරණයට ද ස්වාධීන අපේක්ෂකයකු ලෙසින් තරග කළේ ‘ගෑස් සිලින්ඩරය’ ලකුණිනි.

ගෑස් සිලින්ඩරය ලකුණ ලබා ගැනීමට නොහැකි වුවහොත් රනිල් වික්‍රමසිංහට සහාය පළ කළ හිටපු මන්ත්‍රීවරුන් ඉදිරි මැතිවරණයට අලියා ලකුණින් හෝ වෙනත් පොදු ලකුණකින් තරග කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

‘ගෑස් සිලින්ඩරය’ ලකුණ ලබා ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ මතය විමසා ඇති බවත් කොමිසමේ තීරණය දැනුම්දීමෙන් පසු අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් වාර්තා වේ.

ඉදිරි මැතිවරණයේදී තමන් තරග කරන ලකුණ සහ සන්ධානය සම්බන්ධයෙන් අවසන් තීරණයට එළඹීම සඳහා හිටපු මන්ත්‍රීවරුන් කණ්ඩායම පසුගිය බදාදා කොළඹ මල් පාරේ පිහිටි වික්‍රමසිංහගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට රැස්ව සිටියහ.

42.31%
17.27%
32.76%