April 11, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට අල්ලස් කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව අප්‍රේල් 17 වැනි දින කොමිසම හමුවට කැඳවා තිබේ.

පළාත් සභා අරමුදල් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ කළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් කොමිසම ප්‍රශ්න කරනු ඇත.

තම අගමැති ධුරය දැරූ කාලය තුළ, එපළාත් සභා අරමුදල් භාවිත කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් මෙම ගැටලුව උද්ගතව ඇති බව රනිල් වික්‍රමසිංහ සිය ප්‍රකාශයේ සඳහන් කළේය.