April 21, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යළි කැඳවා තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති වික්‍රමසිංහට අප්‍රේල් 25 වනදා පෙරවරු 09.30 ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

හිටපු ජනාධිපතිවරයා මීට පෙර අල්ලස් කොමිසමට කැඳවා තිබුණේ අප්‍රේල් 17 වැනිදායි.

පෙර සිතාසිවලට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොමිසම හමුවේ පෙනී සිටීමට සූදානම් බව දන්වා තිබූ නමුත් අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ තම නීතිඥවරුන් කොළඹට නොපැමිණෙන බව පවසමින් වෙනත් දිනයක් ඉල්ලා සිටියේය.