January 14, 2024

ගැටුම් අවසන් වී ප්‍රතිසංස්කරණය ආරම්භ වූ පසු ශ්‍රී ලංකාව ගාසා තීරයේ පාසලක් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ බටහිර ආසියානු නියෝජිතයන්ට පවසා ඇතැයි වාර්තා වේ.

මෙය,යේමනයේ හූති හමුදාවන් විසින් දියත් කරන ලද ප්‍රහාරවලින් අන්තර්ජාතික නැව් ආරක්ෂා කිරීම සඳහා රතු මුහුදේ මුර සංචාරයන් යෙදවීමට රජය ගත් තීරණය හේතුවෙන් අරාබි සහ ඉස්ලාමීය රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල ව්‍යාකූලත්වය ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් බ්‍රහස්පතින්දා කැඳවූ ඉහළ පෙළේ රැස්වීමේදී සඳහන් වුණු එක් පියවරක් විය.

පලස්තීනය සඳහා ශ්‍රී ලංකාවේ සහාය සහ රාජ්‍ය දෙකේ විසඳුම සඳහා තම පරිපාලනයේ කැපවීම ද ජනාධිපතිවරයා එහිදී සහතික කළේය.

හමාස් සංවිධානයේ ඔක්තෝබර් 7වැනිදා ප්‍රහාරය පිළිබඳ සහ හමාස් සංවිධානය පිළිබඳ ප්‍රශ්නයක ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, හමාස් සංවිධානය ඉවත් කිරීමේ ඕනෑම පියවරකට පෙර බටහිර ඉවුරේ සිටින පලස්තීන ඉඩම්වලින් ඊශ්‍රායල පදිංචිකරුවන් ඉවත් කළ යුතු බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා රතු මුහුදට යෙදවීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හිතකර බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව වාර්තා වන නමුත් එම කාරණය තවමත් සළකා බලමින් සිටින බව ද ප්‍රකාශ වී තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ පලස්තීන ආධාරකරුවන් පවසන්නේ ගාසා තීරයේ ජන සංහාරය අවසන් කිරීමට අදහස් කරමින් හූතිවරුන් ඊශ්‍රායල සබඳතා ඇති යාත්‍රා පමණක් ඉලක්ක කර ගනිමින් සිටි බැවින් ජනාධිපතිවරයාගේ මෙම පියවර ඊශ්‍රායලයට සහාය දැක්වීමක් බවයි.

එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය යේමනයේ හූති ස්ථාන වෙත බෝම්බ ප‍්‍රහාර කිහිපයක් එල්ලකර ඇති අතර හූතිවරුන් ඊට පළිගැනීමේ ප‍්‍රහාර එල්ල කරන බවට අවධාරණය කර ඇත.

යේමනයේ හූති හමුදාවන්ට රතු මුහුදේ නැව්වලට එල්ල කරන ප්‍රහාර අවසන් කරන ලෙසත්, පසුගිය වසරේ අල්ලා ගන්නා ලද, ජපානය විසින් ක්‍රියාත්මක කරන ලද Galaxy Leader යාත්‍රාව නිදහස් කරන ලෙසත් ඉල්ලා ක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් පසුගිය බදාදා යෝජනාවක් සම්මත කරන ලදී.

ජපානය සමග එක්සත් ජනපදය මෙම යෝජනාවට අනුග්‍රහය දැක්වීය.

කවුන්සිලයේ සාමාජිකයන් 11 දෙනකු ඉරානය සමඟ පෙළගැසී සිටින හූතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ, ගෝලීය වාණිජ හා නාවික අයිතිවාසිකම් සහ නිදහසට මෙන්ම කලාපීය සාමයට බාධා කරන සියලුම ප්‍රහාර වහා නතර කරන ලෙසයි.

ඇල්ජීරියාව, චීනය, මොසැම්බික් සහ රුසියාව යන සාමාජිකයෝ ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

කිසිවෙකුත් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේ නැත.

කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් ලෙස චීනයට සහ රුසියාවට නිෂේධ බලය ඇති නමුත් ඒවා භාවිත නොකිරීමට තීරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ තානාපති ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් ඡන්දයෙන් පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “අද හූතිවරුන්ට ලෝකයේ පණිවිඩය පැහැදිලියි, මෙම ප්‍රහාර වහා නවත්වන්න,” යනුවෙනි.

“මෙම යෝජනාව සමඟින්, කවුන්සිලය රතු මුහුද හරහා නීත්‍යනුකූල ගමනාගමනය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සහතික කිරීම සඳහා එහි වගකීම ඉටු කර ඇත,” යනුවෙන් තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් වැඩිදුරටත් පැවසුවාය.

එක්සත් ජනපදය පවසන්නේ, නොවැම්බර් 19 වැනි දින Galaxy Leader සහ එහි 25 දෙනෙකුගෙන් යුත් බහුජාතික කාර්ය මණ්ඩලය යටත්කර ගැනීමෙන් පසුව ඉරානයේ පිටුබලය ලබන හූතිවරුන් රතු මුහුදේ වාණිජ නැව්වලට ප්‍රහාර 26ක් සිදුකර ඇති බවයි.

Yemen's Houthi rebels seize cargo ship in Red Sea and call Israeli vessels  'legitimate targets' | Yemen | The Guardian

ගාසා තීරයට එරෙහි යුද්ධයට විරෝධය පළ කරමින් ඊශ්‍රායලයට සම්බන්ධ හෝ ඊශ්‍රායලයට යාත්‍රා කරන යාත්‍රා ඉලක්ක කරන බව හූතිවරු කියා සිටිති.

එහෙත් බොහෝ නැව්වලට ඊශ්‍රායලය සමඟ පැහැදිලි සම්බන්ධයක් නොපවතින අතර, බොහෝ නෞකා එම ප්‍රදේශය මුළුමනින්ම මඟහැරීමට පටන් ගෙන තිබේ.

යෝජනාවේ ප්‍රධාන විධිවිධානය, අන්තර්ජාතික නීතියට අනුකූලව, නාවික අයිතිවාසිකම් සහ නිදහස වළකන අය ඇතුළු ප්‍රහාරවලින් තම යාත්‍රා ආරක්ෂා කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට ඇති අයිතිය සඳහන් කළේය.

මෙම ප්‍රතිපාදනය හූති ප්‍රහාරවලින් වාණිජ නැව් ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා දෙසැම්බර් මාසයේදී පිහිටුවන ලද එක්සත් රාජධානිය සහ නෝර්වේ ඇතුළු එක්සත් ජනපදය ප්‍රමුඛ බහුජාතික නාවික කාර්ය සාධක බලකායක් වන Operation Prosperity Guardian මෙහෙයුම ව්‍යංගයෙන් අනුමත කිරීමකි.

යේමනයේ හූති උත්තරීතර විප්ලවවාදී කමිටුවේ ප්‍රධානියා වන මොහොමඩ් අලි අල්-හූති, එක්සත් ජාතීන්ගේ යෝජනාව “දේශපාලන ක්‍රීඩාවක්” ලෙස ඉවත දැමූ අතර අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කරන්නේ එක්සත් ජනපදය බව කියාසිටියේය.

42.31%
17.27%
32.76%