Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරයේ මුලික සංවිධාන කටයුතු ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට තීන්දුකර ඇතැයි ජනාධිපතිවරයාට කිට්ටු පාර්ශ්වයන් ප්‍රකාශ කරයි.
එම ප්රකාශයන්ට අනුව, ඉදිරි ජනාධිපතිවරනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද එකඟත්වය පළකර ඇත.
ඒ අනුව, කොළඹ පිහිටි සුපිරි මහල් සංකීර්ණයක පසුගිය ජනවාරි 08වැනිදා රහසිගත සාකච්ජාවක් පවත්වා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුව හා පොහොට්ටුවෙන් ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද සහභාගී වී තිබෙන බව පැවැසේ. රනිල් පාර්ශ්වයේ වාර්තා පවසන ආකාරයට එම රැස්වීමට සහභාගී ඇති මන්ත්‍රීවරුන් ගණන 17කි.
එම රැස්වීමට සහභාගී වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනන්‍යතාවය හෙළිදරව් නොවීමට වගබලා ගැනීමට තීන්දු කර ඇති අතර, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන මොහොතවන තෙක් සජබ තුළ සිටිමින්ම කටයුතු කරන ලෙස සජබ මන්ත්‍රීවරුන් දෙදෙනාට දැනුම්දී ඇතැයි ද රනිල් පාර්ශ්වයේ වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart