July 27, 2024

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දෙන බව තමන් කළින්ම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනාවරණය කළේය.

පැවැති තත්ත්වය පිළිබඳව තමන් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කළ බවත් අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය ඕනෑම ආධාරයක් ලබාදීමට පොරොන්දු වූ බවත් ජනාධිපති වික්‍රමසිංහ පැවැසීය.

තරුණයන් පිරිසක් විසින් සංවිධානය කරන ලද #AskRanilLive නම් සජීවී ප්‍රශ්නෝත්තර සැසියකදී ජනාධිපති වික්‍රමසිංහ ඊයේ (26) පස්වරුවේ මෙම තොරතුරු බෙදාගත්තේය.

එහිදී වැඩසටහන සජීවීව නරඹමින් ප්‍රේක්ෂකයන්ට සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාව සලසා දී තිබුණි.

42.31%
17.27%
32.76%