Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය සහ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
පසුගිය පෙබරවාරි 14 වනදා එක්සත් ජනරජ පෙරමුණ විසින් ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ නමින් ජනගත කරනු ලැබූ පොදු වැඩපිළිවල යටතේ සියලු පක්ෂ සමඟ සාකච්ජා සිදුකිරීමට යෝජනා වූ අතර, එහි එක් පියවරක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය සමග මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
මේ අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, රොනල්ඩ් පෙරේරා හා එක්සත් ජනරජ පක්ෂය වෙනුවෙන් දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් වන නීතිඥ ශිරාල් ලක්තිලක හා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ , තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල යන පිරිස සහභාගී වී ඇත.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජනරජ පෙරමුණේ මෙම වැඩපිළිවල අධ්‍යනය කළ බවත්, එය ඉතා වැදගත් වැඩපිළිවලක් බවත්, මේ මොහොතේ ආර්ථික ස්ථායිකරණය සඳහා රාජ්‍ය අදායම ඉහළ දැමීමට තමන්ද කටයුතු කරමින් සිටින බවත්, ජනරජ පෙරමුණේ යෝජනාවන් සේම අදායම් අධිකාරියක් වැනි වැඩපිළිවලක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම දේශපාලන ක්‍රියාමාර්ගය පිළිබඳව දෙපාර්ශයේ සාකච්ජා සිදුවී ඇති අතර, එහිදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, ඉදිරියේදී පවතින මැතිවරණ සඳහා මෙවැනි පොදු අවම වැඩපිළිවලක් බලගැන්විය හැකි සන්ධානයක් අවශ්‍ය බවයි.
ඒ අනුව ජනාධිපතිවරයාද පවසා ඇත්තේ, එවැනි අදහසකට තමන්ගේද කැමැත්තක් ඇති බවයි.
විශේෂයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මාර්තු මස අග භාගයේදී සියලු පක්ෂ සමඟ සාකච්ජා කිරීමට තමන් අරමුණු කරගෙන ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart