July 27, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශ කළේය.

අද ගාල්ලේ පැවති ජනහමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ ජනාධිපතිවරණයට තරග වැඩිම සඳහා තමන් දැනටමත් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ කෘෂිකර්මාන්තය නවීකරණය කර රටට අලුත් කර්මාන්ත ගෙනවිත් තරුණ පරපුරට අලුත් රටක් නිර්මාණය කළ යුතු බවයි.

එය තම යුතුකමක් බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

සමගි ජනබල වේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉශාක් රහුමාන්, උත්තර ලංකා සභාගයට සහය දක්වමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ජාතික කොංග්‍රසයේ නායක ඒ. එල්. එම් අතාවුල්ලා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නියෝජනය කළ වෛද්‍ය ගයාශාන් නවනන්දන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම ජනරැළියේදී ජනාධිපතිවරයාට සහය දක්වමින් වේදිකාවට ගොඩවීම විශේෂ සිද්ධියක් විය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරු 41ක් එක්ව ජයගමු අපි ගාල්ල රැස්වීමට එක්ව සිටියහ.

එය සංවිධානය කර තිබුණේ ගාල්ල දිස්ත්‍රික් පොහොට්ටු නායක රමේෂ් පතිරණ,එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ඇමති මනූෂ නානායක්කාර එක්වයි.