Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථිකය නගාසිටුවීමට සහ රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් අවස්ථාවක් ලබාදිය යුතු බව, ඊයේ (16) ගම්පහ සහ මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ පැවැති හමුවකදී ඇමැති ප්‍රසන්න රණතුංග පැවැසීය.
රට මුහුණ දී සිටින ආර්ථික කඩාවැටීම විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව හෙතෙම සදහන් කරයි.
ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර නොමැති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහට සහාය දිය යුතු බවට තමා පෞද්ගලිකව විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
“අද ජනාධිපති අපේක්ෂකයෝ ඉහවහා ගිහිල්ලා. විවිධ වර්ගයේ අපේක්ෂකයෝ ඉන්නවා. කඩයක් හෝ ආයතනයක් කරනවා වගේ කෙනෙකුට රට පාලනය කරන්න බැහැ. ඕන කෙනෙකුට උදම් අනන්න පුළුවන්. නමුත් හැමෝටම කරන්න බැහැ. ආර්ථික අර්බුදය විසඳාගැනීමට අපට ඇත්තේ සීමිත කාලයයි. මේක ජනතා හිතවාදී රජයක්. ඒ නිසා අපිට වෙනත් අපේක්ෂකයන් අත්හදා බලන්න අවස්ථාවක් නැහැ. මේක අත්හදාබැලීමට වෙලාවක් නෙවෙයි”
ජනතාව අතීතයේ ජනාධිපතිවරු පත්කළේ, ජාතික ප්‍රශ්න විසඳන්න. 2004 මහින්ද රාජපක්ෂ පත්කළේ යුද්ධය අවසන් කරන්න. 2015 දී මෛත්‍රීපාල සිරිසේනත්, 2019 දී ගෝඨාභය රාජපක්ෂත් පත්වුණේ යහපාලනය තහවුරු කරන්න. ඒ නිසා අද අපට අවශ්‍ය රටේ ආර්ථිකය නගා සිටුවීමට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්කිරීමටයි”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart