Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් යාපනය වාලම්පුරි හෝටලයේ දී ඊයේ පැවැත් වී තිබේ.
රටේ ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කර ඇත.
ලංකාවේ ද්‍රවිඩ ශිෂ්ටාචාරය උතුරු පළාත බවත් හින්දු ආගමේ මධ්‍යස්ථානය යාපනය බවත් පැවසූ ජනාධිපතිවරයා උතුරු පළාතේ වැදගත්කම එලෙසම පවත්වා ගනිමින් රටේ ජාතික ආර්ථිකයට උතුරේ ආර්ථිකය කඩිනමින් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන බව සඳහන් කළේය.
උතුරේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධනය සමඟ නව රැකියා අවස්ථා මෙන්ම, නව ආයෝජන අවස්ථා රැසක්ද ඉදිරියේදී බිහිවනු ඇති බවත් උතුර සංවර්ධනය කර රටම දියුණු කිරීමට උතුරේ සියලු මහජන නියෝජිතයන්ගේ සහය අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.
යාපනය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක හිටපු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් විසින් මෙම හමුව සංවිධානය කර තිබිණි.
පාක්ෂිකයන් 600ක පමණ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ඔවුන් මුහුණදී සිටින ගැටලු මෙහිදී ජනාධිපතිවරයා වෙත ඍජුව ඉදිරිපත් කෙරිණි.
උතුරු පළාතේ තරුණයකු වන කේ. රවි විසින් අඳින ලද ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් සිතුවමක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්විණි.
උතුරු පළාතේ ගැටලු අතරින් ඉඩම් ප්රශ්නය, අතුරුදන් වූවන් පිළිබඳ ප්රශ්නය ප්‍රමුඛතාවක් ගෙන තිබූ බවත් ආණ්ඩුවක් ලෙස එම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට මේ වන විටත් සැලසුම් කර ඇති බවත් මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
“උතුරේ ඉඩම් ප්රශ්නය සහ අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලුවට 2025 අවසන් වීමට පෙර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවතැන් වූවන් සඳහා නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරනවා. උතුරු පළාතේ සුළං සහ සූර්ය බලය යන බල ශක්ති සඳහා තිබෙන අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් අපනයන බලශක්තියක් කරා බලශක්ති නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. හරිත හයිඩ්රජන් හරිත ඇමෝනියා නිෂ්පාදනය කෙරෙහිද අවධානය යොමු කර තිබෙනවා.” යැයි ජනාධිපතිවරයා පැවසීය.
“උතුරු පළාතේ තිබෙන සරු ගොවිබිම්වලට නවීන තාක්ෂණය එකතුකර අපනයන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ඉදිරි දශකය තුළ ලෝකයේ ජනගහනය දෙගුණයක් බවට පත්වීමත් සමඟ ඔවුන්ට අවශ්‍ය ආහාර නිපදවීම හරහා අපනයන කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමටත් අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම යාපනය දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. යාපනයේ පවත්වන වේල් පෙරහැර ලෝකයේ හින්දු බැතිමතුන්ට නැරඹීමට අවස්ථාව ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසමින් තිබෙනවා. අගෝස්තු මාසයේ ඇසළ පෙරහැර, කතරගම පෙරහැර වගේම යාපනයේ වේල් පෙරහැරත් සංචාරක ආකර්ෂණයට ලක් කිරීමට ඒ අනුව සැලසුම් සහගතව කටයුතු කරනවා.” යනුවෙන්ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා සඳහන් කළේ උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය දියුණු කිරීමේ නව ආයෝජන අවස්ථා වෙනුවෙන් ඩයස්පෝරාවට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි.
“මෙවැනි නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමග උතුරු පළාතේ නව රැකියා අවස්ථා මෙන්ම ආයෝජන අවස්ථා ද ඇතිවෙනවා. මේ අනුව උතුරේ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාවන අතර එමඟින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ද උසස් කිරීමට හැකියාව ලැබෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ගැනීමට සිදුවන තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. නමුත් රටේ ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට මම කටයුතු කරනවා. අපි සියලු දෙනා එකතුව උතුරු පළාත සංවර්ධනය කර රටම දියුණු කරමු.” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart