July 25, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහට පූර්ණ සහය ලබාදී තිබියදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කිරීම සම්බන්ධයෙන් ඔහුව විවේචනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

මාධ්‍යවේදීන් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2022 දී රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව භාර ගන්නා ලෙස කළ ආරාධනාව ඔහු පිළිගත් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම අවස්ථාවේ රනිල් වික්‍රමසිංහට උපරිම සහයෝගය ලබා දුන් බවත් පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනි වුවත් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති පිළිබඳ අද වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු මතයක් ප්‍රකාශ කර නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිවිටෙක රජය අපහසුතාවට පත්කිරීමට හෝ රටේ දේශපාලන ස්ථාවරත්වය බිඳ දැමීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සම්පූර්ණයෙන්ම සහය දීම වෙනුවෙන් පක්ෂයට ලැබුණු ලොකුම දායාදය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කපු එක. අපි අපේ වගකීම් ඉටුකර තිබෙනවා. අපි ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නවා,” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

42.31%
17.27%
32.76%