42.31%
17.27%
32.76%
September 20, 2023

විකාශන අධිකාරී පනත හරහා අන්තර්ජාල ආධාරක සේවා, සමාජ මාධ්‍ය සහ අනෙකුත් ඩිජිටල් ආධාරක සේවා නියාමනය කළහොත්, සමාජ මාධ්‍ය වෙළෙඳපොළ මෙරටින් පිටව යනු ඇති බවත්, එයින් යැපෙන ව්‍යාපාර රැසක් කඩාවැටෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අන්තර්ජාල දත්ත සුරක්ෂිතතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් ඇසූ අවස්ථාවේදීය .

විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කළේ, ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ එන භාෂණ ප්‍රකාශන අයිතිය, ජනතාවගේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වත්මන් ආණ්ඩුව ‍විවිධ ක්‍රම ඔස්සේ සීමාකිරීම් සිදුකරන බවයි.

එහි එක් පියවරක් ලෙස ආණ්ඩුව විසින් සමස්ත ජනතාව මාර්ගගත ක්‍රම ඔස්සේ දක්වන අදහස්  සීමාකරමින් ආණ්ඩුවට අවාසිසහගත සන්නිවේදනය අපරාධමය කටයුත්තක් ලෙස නම්කිරීම සඳහා කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

පසුගිය කාලසීමාව තුළ ඇති වූ විරෝධතාවන් මාර්ගතක්‍රමයන් ඔස්සේ සංවිධානය වී තිබූ බැවින්, එවැනි විරෝධතාවන් වර්තමාන ආණ්ඩුවට එරෙහිව ඇතිවීමට පෙර, ඒ සඳහා සකස් කරන නිතීමය තත්ත්මය මෙය විය හැකි බව ඔහු වැඩිදුර සඳහන් කරනු ලැබීය.

ජනාධිපතිවරයා විසින් සමාජ මාධ්‍ය පාලනය සදහා නියෝජිත පිරිසක් පත්කරමින් මෙරටත් උතුරු කොරියාව මට්ටමට ගෙන යෑමට උත්සාහ දරන බවත්, මෙම නියාමනය ඔස්සේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

42.31%
17.27%
32.76%