November 21, 2024

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා රවී කරුණානායකගේ නම නිර්දේශ කර යැවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කිසිවක් නොදැන සිටි බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් වජිර අබේවර්ධන පවසන්නේ, රවී කරුණානායකගේ නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා නිර්දේශ කර යවන බවට රනිල් වික්‍රමසිංහට කිසිදු ආකාරයකින් දැනුම්දී නොතිබුණු බවයි.

පහතින් දැක්වෙන්නේ, වජිර අබේවර්ධන නිකුත් කළ අදාළ නිවේදනයයි.

42.31%
17.27%
32.76%