January 10, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි කිසිවිටෙකත් විශ්වාස කළ නොහැකි බව තමිල් මක්කල් තේසීය කූට්ටනි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී. වී. විග්නේෂ්වරන් පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරේ කළ සංචාරය පිළිබඳව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේෂ්වරන් මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කර ඇත.

“ජනාධිපතිවරයා උතුරේ කළ සංචාරය පිළිබඳව දකුණේ දේශපාලන පක්ෂ පවා යම් යම් අදහස් පළකර තිබෙනවා. ඔහු ජනතා මුදල් නාස්ති කරමින් උතුරේ සංචාරය කරන බවටත් ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කර තිබුණා. ඒත් අපට මෙම තත්ත්වය ඉතා වේදනාකාරියි.අපි දේශපාලනමය වශයෙන් කටයුතු කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා අපට අර දේශපාලන ඉල්ලීම මේ දේශපාලන ඉල්ලීම වශයෙන් විවිධ පොරොන්දු දුන්නා. ඒත් ඔහු දුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු කළේ නැහැ.

ජනාධිපතිවරයාගේ උතුරේ සංචාරයන් අපි දකින්නේ දත නියවීමේ ක්‍රියාවක් ලෙස පමණයි. ඒත් ඔහුට අතීතයේ තරම් පිළිගැනීම් වර්තමානයේදී උතුරේදී දක්නට ලැබෙන්නේ නෑ. ඔහුගේ සංචාරය සම්පූර්ණයෙන්ම දේශපාලනමය අරමුණින් සිදුවූවක් බව පැහැදිලියි. එබැවින් ඔහුගේ සංචාරයෙන් උතුරේ ජනතාවට ලැබුණු සෙතක් නැහැ. ඔහු විසින් ලබාදුන් පොරොන්දු නැවත නැවතත් ජනතාව හමුවේ තබනවා. එවැන්නකු කොහෙත්ම විශ්වාස කරන්න බැහැ.”(මව්බිම)

42.31%
17.27%
32.76%